සයිබර් ප්‍රහාරය ගැන ඔප්ටස් ස්වාධීන විමර්ශනයක් අරඹයි

දැවැන්ත සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස ඔප්ටස් සමාගම විසින් බාහිර පාර්ශවයකට දන්වා තිබෙනවා.

ඒ අනුව ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය දරන සමාගමක් ඒ සඳහා තෝරාගෙන ඇති බවයි ඔප්ටස් සමාගම නිවේදනය කලේ.

සයිබර් ප්‍රහාරය පිටුපස සිටින පාර්ශව සහ සමාගමෙන් කිසියම් අතපසුවීමක් සිදුවූයේද යන්න පිළිබඳ එහිදී විමසා බැලීමට නියමිතයි.

සයිබර් ප්‍රහාරය හමුවේ ඔප්ටස් සමාගම කෙරෙහි බිඳවැටුණු විශ්වාසය යළි ගොඩනංවා ගැනීමද මෙම ස්වාධීන විමර්ශනයේ මූලික අරමුණක් වී තිබෙනවා.

පසුගිය සති අන්තයේදී ඔස්ටේ්‍රලියාවේ සෑම පුවත්පතකම ප්‍රසිද්ධ දැන්වීමක් පළකරමින් ඔප්ටස් සමාගම ගණුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටියේ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව අයැද සිටින බවයි.

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »