Search

හුදකලා කාලය ගැන අද අවසන් තීරණයක්

කොවිඩ් ආසාධිතයන් සහ ආශ්‍රිතයන් සඳහා බලාත්මක හුදකලා කාලය මුලුමනින්ම ඉවත් කිරීම සම්බන්ධයෙයන් ජාතික කැබිනට් මණ්ඩලය විසින් අද අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ විසින් ඊට අදාළ ඉල්ලීම අද ජාතික කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති.

රෝග ලක්ෂණ නොමැති කොවිඩ් රෝගීන් සඳහා ස්වයං නිරෝධායන කාලය දින හතේ සිට පහ දක්වා අඩු කිරීමට පසුගිය අගෝස්තු 31 දින පැවති ජාතික කැබිනට් රැස්වීමේදී තීරණය කෙරුණා.

මේ අතර ඔස්ටේ්‍රලියාවේ කොවිඩ් එන්නත්කරණය ඇණහිට ඇති බව ඔස්ටේ්‍රලියා ජාතික විශ්ව විද්‍යාලයේ නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

අඩු අධ්‍යාපනයක් ඇති, අඩු ආදායම්ලාභී, ඉංග්‍රීසි කතා නොකරන රටක ඉපදුණු, ප්‍රවෘත්ති නොඅසන සහ නොබලන බහුතරයක් තුන්වන හෝ හතරවන එන්නත් මාත්‍රාව ගැනීමට ඇති ඉඩකඩ අඩු බවයි එම අධ්‍යනයෙන් පෙන්නුම් කර ඇත්තේ.

තුන්වන හෝ සිව්වන මාත්‍රාව අඩුවෙන්ම ලබාගත් පිරිස වයස අවුරුදු 25 ත් 34 ත් අතර වයස් කාණ්ඩයේ බවද මෙහිදී අනාවරණය වුණා.

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »