වික්ටෝරියා ළමුන් සුනඛ සපාකෑම්වලට ගොදුරුවීම ඉහළට

වික්ටෝරියා ප්‍රාන්තයේ කුඩා ළමුන් සුනඛ සපාකෑම්වලට ගොදුරුවීම ඉහළ ගොස් තිබෙනවා.

මෑතකදී සිදුකල සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ සුරතල් සතුන්ගේ හිමිකාරීත්වය දැරීම් සංඛ්‍යාව ඉහළයාම ඊට ප්‍රධාන හේතුව බවයි.

පසුගිය වසර හා සැසඳීමේදී සුනඛ සපාකෑම් සංඛ්‍යාව සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන්.

පසුගිය වසරේදී සුනඛ සපාකෑම් හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ළමුන් 293 දෙනෙකු රෝහල්ගත කර තිබුණා.

එය සාමාන්‍යය ලෙස සැළකීමේදී සතියකට ළමුන් 05 දෙනෙකු පමණ සුනඛ සපාකෑම්වලට ලක්වූ ආකාරයකුයි.

මෙහිදී තුවාල ලැබූ බහුතරය එනම් සියයට 75 කගේ පමණ හිසට සහ ගෙලට හානි සිදුවී ඇති බව ද සඳහන්.

  • Never leave children alone with a dogs
  • Always separate dogs and children during feeding and sleeping times
  • Remember, any breed can bite; regardless of age, size or temperament
  • Teach children not to approach any dogs without the consent of the owner

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »