Search

ඔස්ටේ්‍රලියාව තුළ ගෑස් මිළ අඩුවන ළකුණු

ඔස්ටේ්‍රලියාව තුළ ගෑස් මිළ අඩුවන ළකුණු පළවී තිබෙනවා.

ඒ ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජය සහ ගෑස් සමාගම් අතර ඇතිකරගත් නව ගිවිසුමක් හේතුවෙනුයි.

මේ අනුව ඇතැම්විට ලෝක වෙළඳපොලේ මිළටත් වඩා අඩු අගයකට ගෑස් මිළදී ගැනීමට ඔස්ටේ්‍රලියානු පාරිභෝගිකයන්ට අවස්ථාව උදාවනු ඇති බව ස්වභාවික සම්පත් අමාත්‍ය මැඩලින් කිංග් සඳහන් කලා.

නව ගිවිසුම හරහා වෙළඳපොළට සපයන ගෑස් ප්‍රමාණය ඉහළ දැමීමට සමාගම්වලට සිදුවනවා.

ඒ අනුව ගෑස් හිගයක් ඇති නොවනු ඇති බවට අනාවැකි පලවනවා.

කෙසේවෙතත් ඩොලර් 6 – 10 අතර අගයක් දක්වා ගෑස් මිළ අඩු නොවනු ඇති බවටද අමාත්‍යවරිය විශ්වාසය පළකර සිටිනවා.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »