Search

05 ට අඩු ඔස්ටේ්‍රලියා දරුවන්ට ෆයිසර් දීමට අනුමැතිය

PFIZER

ඔස්ටේ්‍රලියාව තුළ වයස අවුරුදු 05 ට අඩු දරුවන් සඳහාද ෆයිසර් කොවිඩ් මර්දන එන්නත සුදුසු බවට TGA විසින් අනුමැතිය දී තිබෙනවා.

මේ අනුව ATAGI හි අනුමැතිය සඳහා එය ඉදිරිපත් කෙරෙන අතර එහිදීද අවසරය ලදහොත් ඔස්ටේ්‍රලියාව තුළ වයස මාස 06 ත් අවුරුදු 05 ත් අතර ළමුන් සඳහා එය භාවිත කිරීම ආරම්භ වනු ඇති.

මාත්‍රා 03 ක් ලෙස සමස්ත එන්නත්කරණය සිදුවන බව ෆයිසර් ඔස්ටේ්‍රලියා සමාගම නිවේදනය කලා.

වැඩිහිටියන්ට සාපේක්ෂව මෙම වයස් කාණ්ඩයේ සිටින්නන් කොවිඩ් සඳහා දක්වන සංකූලතා අඩු වුවද ඔවුන්ද එක්තරා ආකාරයක බලපෑමට ලක්ව සිටින බවයි වාර්තා වන්නේ.

වයස මාස 06 ත් අවුරුදු 05 ත් අතර ළමුන්ට මොඩර්නා කොවිඩ් එන්නත ලබාදීම සඳහාද ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ විසින් පසුගිය මාසයේදී අනුමැතිය ලබාදුන්නා.

කෙසේවෙතත් එය වලංගු වන්නේ අධි අවධානම් තත්වයේ පසුවන ළමුන්ට පමණයි.

වයස අවුරුදු 05 ට අඩු ළමුන් සඳහා ATAGI විසින් මේ දක්වා කිසිදු කොවිඩ් මර්දන එන්නතක් අනුමත කර නැහැ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »