පුනර්ජනනීය බලශක්තියෙන් ක්වීන්ස්ලන්ඩ් අලුත් පිම්මක

ලොව විශාලතම ජල විදුලි ධාරිතා පහසුකම ද ඇතුළත් ඩොලර් බිලියන 62 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2032 වසර වනවිට එය ඉදි කර අවසන් කිරීමට නියමිත අතර 2035 වසර වනවිට ප්‍රාන්තයේ බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 80 ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමටද නියමිතයි.

සූර්ය සහ සුළං විදුලි ව්‍යාපෘති කිහිපයක්ද මෙම යෝජනාවට අන්තර්ගතයි.

මෙම සමස්ත යෝජනාවලිය ක්‍රියාත්මක කර අවසන් කිරීමත් සමග ඔස්ටේ‍රලියාවේ පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රය බවට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය පත්වන බවයි ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කලේ.

මේ හරහා නව රැකියා ලක්ෂයක් පමණ බිහිවීමටද නියමිතයි.

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »