ඔප්ටස් සයිබර් ප්‍රහාරය ගැන අමෙරිකාවේ FBI ආයතනයෙනුත් විමර්ශන

ඔප්ටස් සමාගමට එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාවේ ඉහළම පරීක්ෂණ ආයතනය වන FBI ආයතනයද විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සයිබර් ආරක්ෂණ ඇමතිනී ක්ලෙයාර් ඔනිල් සඳහන් කලේ ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය විසින් කල ඉල්ලීමක් අනුව එම විමර්ශනය සිදුකරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිටත් අනාවරණය වී අවසන් බවද ඇය කියාසිටියා.

සයිබර් ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගැනීම පමණක් නොව සොරාගත් දත්ත ඔස්ටේ්‍රලියානුවන්ට එරෙහි මූල්‍ය අපරාධ සඳහා යොදාගැනීම වැළැක්වීම මෙහි අරමුණ බවයි ක්ලෙයාර් ඔනිල් කියාසිටියේ.

මේ අතර විදේශ අමාත්‍ය පෙනී වොංග් අද අවධාරණය කලේ මෙම ප්‍රහාරය හමුවේ පාරිභෝගිකන්ට සිදුවූ සමස්ත අලාභය ඔප්ටස් සමාගම විසින් දැරිය යුතු බවයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »