Search

වික්ටෝරියා හෙද හිගය පියවීමට නව වීසා උප කාණ්ඩයක්

How_to_become_a_registered_nurse_612px

නොවැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයේදී බලයට පත්වුවහොත් නව හෙදියන් 40,000 කට පුහුණුව දීමේ වැඩසටහනක් ආරම්භ කරන බවට ප්‍රාන්ත විපක්ෂය සහතික වනවා.

එමෙන්ම දැනට අඩු පුහුණුවක් ලබාසිටින හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිළධාරිනියන්ටද ඉහළ පුහුණුවක් ලබාදීමට පියවර ගන්නා බවයි විපක්ෂ නායක මැතිව් ගයි සඳහන් කලේ.

මේ සඳහා වෙන් කිරීමට යෝජිත මුදල ඩොලර් මිලියන 325 ක්.

හෙද අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් 25,000 කට ශිෂ්‍යත්ව පිරිනැමීමද මෙම වැඩපිළිවෙලට අන්තර්ගතයි.

මේ අතර නොවැම්බර් මැතිවරණය ජයගතහොත් විදේශ ශ්‍රමිකයන් වික්ටෝරියා ප්‍රාන්තයේ හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිළධාරිනියන් කඩිනමින් වික්ටෝරියා සෞඛය සේවයට බඳවා ගැනීමට හැකිවන පරිදි නව වීසා උප කාණ්ඩයක් හඳුන්වාදෙන බවටද ප්‍රාන්ත විපක්ෂය සහතික වනවා.

ඒ යටතේ හෙදියන් 5000 ක් සහ පවුල් සෞඛ්‍ය නිළධාරිනියන් 2000 ක් ඉක්මණින් බඳවා ගැනීමයි අරමුණ වී ඇත්තේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා පුරප්පාඩු 65,000 ක් පමණ පවතින බවයි පසුගියදා නිකුත් වු වාර්තාවක දැක්වුණේ.

ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවටද සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ සේවක හිගය පත්ව ඇති අතර වත්මන් අගමැති ඩැනියල් ඇන්ඩෲස්ද පසුගියදා කියාසිටියේ තමන් නැවත ජයගතහොත් අමතර රැකියා සහ වික්ටෝරියා රෝහල් පද්ධතිය නගා සිටුවීමට පියවර ගන්නා බවයි.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »