2024 ට එන්නත් නැතැයි ෆෙඩරල් රජයට චෝදනා

2024 වසර සඳහා ෆෙඩරල් රජය විසින් මේ දක්වා කිසිදු එන්නතක් ඇණවුම් කර නොමැති බවට චෝදනා එල්ල වනවා.

මෙරට කොවිඩ් 19 එන්නත් සහ ප්‍රතිකාර මිලදී ගැනීම පිළිබඳ ස්වාධීන සමාලෝචනය ඉදිරිපත් කරමිනුයි මහාචාර්ය ජේන් හෝල්ටන් මේ බව සඳහන් කරන්නේ.

මෙම වාර්තාවට නිර්දේශ 08 ක් ඇතුළත් වන අතර වසංගතය ආරම්භයේ දී ක්‍රියාත්මක කර ඇති තාවකාලික විධිවිධාන යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කර තිබෙනවා.

මේ අතර කොවිඩ් කළමනාකරණය කිරීම සඳහා වන දිගුකාලීන උපාය මාර්ගයේ කොටසක් ලෙස මධ්‍යම රජය මෙම නිර්දේශ කෙරෙහි අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් සඳහන් කලා.

එමෙන්ම විශේෂිත බූස්ටර් මාත්‍රා එනතෙක් බලා නොසිටින ලෙසත් පවතින ඕනෑම බූස්ටර් මාත්‍රාවක් ගන්නා ලෙසත් අමාතවරයා දන්වා සිටිනවා.

පවතින සියලුම එන්නත් ඉතා ඵලදායී ඒවා බවත් විශේෂයෙන් දරුණු රෝග වැළැක්වීම සඳහා ඒවා ඉතා වැදගත් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා කියාසිටියා.

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »