PHOTOS : ලංකාවේ දුම්රියක් ගොඩනැගිල්ලක් වෙත කඩාවදී

දුම්රියක් ගොඩනැගිල්ලක් වෙත කඩාවැදී ඇති සිද්ධියක් දෙමටගොඩින් වාර්තා විය.

දෙමටගොඩ දුම්රිය අංගනයේ ධාවනය වූ අදාළ දුම්රිය එහි පැරණි ගොඩනැගිල්ලකට කඩාවැදී බරපතළ අලාභහානි සිදුවී තිබේ.

නඩත්තු කටයුත්තක් සඳහා අංගනයට රැගෙන ආ දුම්රිය නතරකිරීමේ සීමාව ඉක්මවා යෑම හේතුවෙන් දුම්රිය මාර්ගයෙන් පිටතට පැන එම පැරණි ගොඩනැගිල්ලට කඩාවැදී ඇත.

දුම්රිය රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ, අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් සිදුකරන බවය.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »