ඔස්ටේ‍රලියාවේ පවුල් ලක්ෂ 10 කට child care ගාස්තු සහනයක්

ඔස්ටේ‍රලියාවේ පවුල් ලක්ෂ 10 ක පමණ child care ගාස්තු අඩු කෙරෙන යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

අධ්‍යාපන අමාත්‍ය පැවසුවේ මෙමගින් සුදුසුකම් සහිත පවුල් සියයට 95 ක පමණ child care ගාස්තු අඩු වීමට නියමිත බවයි.

මේ අනුව තනි දරුවෙකු සිටින වසරකට ඩොලර් 120,000 ක පමණ ආදායමක් ලබන පවුලකට ඩොලර් 17,800 ක පමණ මුදලක් ඉතිරිවනු ඇති.

වසරකට ඩොලර් 75,000 ක පමණ ආදායමක් ලබන පවුල් සඳහා සියයට 90 ක ගාස්තු කපා හැරීමක්ද ඩොලර් ලක්ෂ 05 කට වඩා ආදායමක් ලබන පවුලකට සියයට 07 ක ගාස්තු කපා හැරීමක්ද හිමිවීමට නියමිතයි.

ඩොලර් 530,000 ට වඩා ආදායම් ලබන්නේ නම් කිසිදු සහනාධාරයක් හිමිවන්නේ නැහැ.

මෙමchild care ගාස්තු කපා හැරීම් බලාත්මක වන්නේ ලබන වසරේ ජූලි මාසයේ සිටයි.

මෙම සහනාධාරත් සමග කුඩා දරුවන් වැඩි වශයෙන් child care වෙත යොමුකිරීමෙන් 37,000 ක සේවක බලකායක් යළිත් රැකියා සඳහා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද ෆෙඩරල් රජය සඳහන් කරනවා.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »