
Melbourne Royal Show පැමිණි කාන්තාවකගේ මුහුණට හදිසි අනතුරක් හේතුවෙන් බරපතල තුවාල සිදුවී තිබේ.
Rebel Coaster ride හිදී ඇය මෙම අනතුරට මුහුණ පා ඇත.
20 හැවිරිදි වියෙහි පසුවන කාන්තාවක මෙම අනතුරට ලක්ව ඇති බව සඳහන්.

2019 වසරෙන් පසු Melbourne Royal Show පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.
අද එහි 04 වන දිනය වන අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සංවිධායකයන් සඳහන් කර සිටී.
