කොළඹ විරෝධතාවකට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක්

සමාජවාදී තරුණ සංගමය විසින් කොළඹදී සංවිධාන කර තිබූ විරෝධතාවකට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ වී ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කළ විරෝධතා පාගමන වැළැක්වීම සඳහා පොලීසිය මෙලෙස

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය එල්ල කළ බවය.

“අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට” මැයින් සංවිධානය කර ඇති මෙම විරෝධතා පාගමන කොටුව දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව තිබුණි.

අධි ආරක්‍ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමට එරෙහිවයි මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ.

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »