Search

ඔස්ටේ්‍රලියාවේ මිලියනපතියන් ලක්ෂ 04 කින් ඉහළට

ඔස්ටේ්‍රලියාවේ මිලියනපතියන් සංඛ්‍යාව පසුගිය වසරේදී ලක්ෂ 04 කින් ඉහළ ගොස් තිබෙනවා.

Credit Suisse විසින් සිදුකල සමීක්ෂණයට අනුව එම වසරේදී නව මිලියනපතියන් 390,000 ක් ලැයිස්තුවට අලුතින් එකතුවී ඇති අතර දැනට මෙරට සිටින සමස්ත මිලියනපතියන් සංඛ්‍යාව ලක්ෂ 22 ක් දක්වා මේ අනුව ඉහළ යනු ඇති.

අමෙරිකානු ඩොලර් මිලියනයකට වඩා මූල්‍යමය වත්කම් සහිත පුද්ගලයනුයි මිලියනපතියන්ගේ ලැයිස්තුවට ඇතුළත් වන්නේ.

ලෝක ජනගහණයෙන් ඔස්ටේ්‍රලියාවේ සම්සත ජනගහණය සියයට 0.5 ක් පමණක් වුවද ලොව සමස්ත මිලියනපතියන් අතුරින් සියයට 3.5 ක් ඔස්ටේ්‍රලියානුවන් වීම විශේෂත්වයක්.

පසුගිය වසරේදී වැඩිම මිලියනපතියන් එනම් ලක්ෂ 25 ක් පමණ අලුතින් එකතුවී ඇත්තේ අමෙරිකාවෙනුයි.

ලොව පුරා දැනට සිටින මිලියනපතියන් සංඛ්‍යාව 06 කෝටි 25 ලක්ෂයක් පමණ වන අතර ඔවුන්ගේ සමස්ත වත්කම අමෙරිකානු ඩොලර් ට්‍රිිලියන 703 ක් පමණ වනවා.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »