Search

කැන්බරා වෘත්තීන් කිහිපයකට අලුත් බලපත්‍ර ක්‍රමයක් ?

ACT ප්‍රාන්තයේ ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීන් සඳහා නව බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන ලෙස ඉදිකිරීම් සමාගම් සහ වෘත්තිය සමිති විසින් ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

දැනට ACT හි වඩු කාර්මික – පින්තාරු කරන්නන් – ගඩොල් අල්ලන්නන් ඇතුලු වෘත්තීන් කිහිපයක් සඳහා නිසි බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක වන්නේ නැහැ.

(joiner, carpenter, painter, tiler, water proofer, bricklayer, glazier, or plasterer)

එබැවින් අදාළ වෘත්තිය පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇති අයෙකුට පවා තමා එම වෘත්තියේ නිපුණයෙකු ලෙස හඳුන්වාගැනීමට අවස්ථාව පවතින බවයි වෘත්තිය සමිති සහ ඉදි කිරීම් සමාගම් විසින් ACT ප්‍රාන්ත රජයට පෙන්වා දී ඇත්තේ.

මෙමගින් නිපුණත්වය සහිත අයට රැකියා ලබාගැනීම දුෂ්කර වන බවත් එය වලක්වාලීමට නිසි ප්‍රමිතියක් හඳුන්වාදිය යුතු බවත් ඔවුන්ගේ ස්ථාවරයයි.

එමගින් රැකියා වෘත්තීන් රැසකට ඉහළ පිළිගැනීමක් ලබාදිය හැකි බවත් ඔවුන් තවදුරටත් අවධාරණය කර සිටිනවා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »