ඔස්ටේ්‍රලියා ආධාර තොගයේ පළමු කොටස ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ඔස්ටේ්‍රලියාව විසින් පිරිනැමීමට එකගවූ මානුෂීය ආධාර තොගයේ පළමු කොටස දිවයිනට ළගාවී තිබෙනවා.

ඔස්ටේ්‍රලියානු ඩොලර් මිලියන 22 ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 15 ක් වටිනා ආහාර තොගයකුයි මෙලෙස ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ.

ඒවා කඩිනමින් අවශ්‍යතා සහිත පවුල් වෙත බෙදා හැරීමට නියමිතයි.

සහල් මෙට්‍රික් ටොන් 600 ක් – ආහාර පිසින තෙල් සහ තවත් ආහාර ඇතුළත් දෙවන ආධාර තොගය ඉතා නුදුරේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

කොළඹ සිටින ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් පවසන්නේ දෙරට අතර වසර 75 ක මිත්‍රත්වය සළකා මෙම ආධාර ශ්‍රී ලංකාවට පිරිනමන බවයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »