ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණිකයන් පැමිණිම යළිත් ඉහළට

POPULATION

පසුගිය මාර්තු මාසයෙන් අවසන්වූ මාස 12 ක කාලය තුළදී ඔස්ටේ්‍රලියාවේ ජනගහණය සියයට 01 කින් ඉහළ ගොස් තිබෙනවා.

කොවිඩ් වසංගතය හමුවේ වසා දමා තිබු දේශ සීමා යළි විවෘත කිරීමත් සමග සංක්‍රමණිකයන් නැවතත් රටට පැමිණීමයි ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ.

2020 සහ 2021 යන වසර 02 තුළදී ඔස්ටේ්‍රලියාවේ ජනගහනය වැඩිවීමක් පෙන්නුම් නොකෙරුණු බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේවෙතත් නවතම දත්ත අනුව පෙනී යන්නේ මෙරට ජනගහණ වර්ධන වේගයට සෘජුව බලපා ඇති සාධකය නම් සංක්‍රමණිකයන්ගේ පැමිණීම බවයි.

ගතවු මාස 12 දී වැඩිවී ඇති ජනගහණයෙන් අඩක් පමණ විදේශයන් හි සිට පැමිණි සංක්‍රමණිකයන් බවටද හෙළිකරගෙන තිබෙනවා.

2021 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව ඔස්ටේ්‍රලියාවට පැමිණි පුද්ගලයන් සංඛ්‍යාවද සියයට 183 කින් ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කලේ.

කොවිඩ් වසංගතය පෙර වසරකදී මෙරටට පැමිණි සංක්‍රමණිකයන් සංඛ්‍යාව 238,000 ත් 260,000 ත් අතර පැවතුණා.

කෙසේවෙතත් 2021 මාර්තු සිට 2022 මාර්තු දක්වා එම අගය පැවතී ඇත්තේ 110,000 ක් ලෙසයි.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »