ලංකාවේ 1/3 ක් බඩගින්නේ – WFP අලුත්ම වාර්තාව කියයි

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහනේ නවතම වාර්තාවේ දැක්වෙනවා.

ශ්‍රී ලංකාවේ සෑම පවුල් 10 කින් 8 ක් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන අර්බුදයට මුහුණ දීම සඳහා ආහාර වේල් මග හැරීම සහ ආහාර ණයට ගැනීමට යොමුව ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

මෙම තත්වය කාන්තාවන් ප්‍රධානත්වය ගන්නා පවුල්වල දරුණු බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය ගම්බද ජනතාවට වඩා නගරබද සහ වතුකරයේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල කරන බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 කට සහාය වීම සඳහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් මිලියන 63 ක මුදලින් තවමත් ලැබී ඇත්තේ සියයට 35 ක් පමණක් බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කලා.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් මිලියන 6.3 ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් අවම වශයෙන් 66000 ක් දරුණු ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවත් ලෝක ආහාර වැඩසටහන නිකුත් කර ඇති වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »