Search

Coles ඉන්ධන අලෙවියෙන් ඉවත්වෙයි

ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාම අත්හිටුවිමට Coles සුපිරි වෙඝඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව Coles Express වෙළඳසැල් ආශ්‍රීතව පවත්වාගෙන යන ඉන්ධන පිරවුම්හල් 710 ක් Viva Energy වෙත අලෙවි කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ හරහා ඩොලර් මිලියන 300 ක මුදලක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවද Coles විසින් අද පෙරවරුවේ සිය කොටස් හිමියන් වෙත දන්වා තිබෙනවා.

මින් ඉදිරියට ආහාර සහ මත්පැන් අලෙවියට පමණක් වැඩි අවධානයක් යොමු කරන බවයි Coles පවසා ඇත්තේ.

දැනට Coles Express අලෙවිසැල් අසල පවතින ඉන්ධන පිරවුම්හල් නුදුරේදීම Viva Energy ලෙස නම් කෙරෙනු ඇති.

එමෙන්ම දැනට Coles Express හි සේවය කරන සියලු සේවකයන් Viva Energy ආයතනයේ සේවකයන් බවට පරිවර්තනය කිරීමද මෙහිදී සිදුවනවා.

මෙම ගිවිසුමට ඔස්ටේ‍රලියානු පාරිභෝගික කොමිසම විසින් අනුමැතිය දීමෙන් පසු එය නිල වශයෙන් බලාත්මක වනු ඇති.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »