Search

ඔස්ටේ්‍රලියාවේ අත්දැකීම ගැන ප්‍රියා නඩේසන්ගෙන් පොතක්

ඔස්ටේ්‍රලියාව තුළදී තමා සහ පවුලේ සාමාජිකයන් ලැබූ අත්දැකීම් අළලා පොතක් රචනා කිරීමට බිලෙයොලා පවුල ලෙස ජනප්‍රියත්වයට පත්වූ නඩේසලිංගම් පවුලේ මව වන ප්‍රියා නඩේසලිංගම් පියවර ගෙන තිබෙනවා.

වසර 04 කට ආසන්න කාලයක් මෙල්බන් – පර්ත් සහ ක්‍රිස්මස් දූපතේ රැඳවුම් කඳවුරුවල ගත කල ජීවිතය ඊට වැඩි වශයෙන් පාදක වී ඇති බව සඳහන්.

මෙම පොත මුද්‍රණයට සහ බෙදා හැරීම සඳහාද මේ වනවිටත් ග්‍රන්ථ ප්‍රකාශකයෙකු ඉදිරිපත් වී සිටිනවා.

ශ්‍රී ලංකාවේ යුධමය වාතාවරණය පැවති සමයේ ශ්‍රී ලංකාවෙන් පළාගිය ප්‍රියා සහ නඩේස් ඔස්ටේ‍රලියාවේදී විවාහ වී දියණියන් දෙදෙනෙකු ලැබුවා.

පසුව ඔවුන් පිටුවහල් කිරීමට තීරණය වීම සහ එය වැළැකීම සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ගත් සමග මෙම පිරිස ඔස්ටේ්‍රලියාව තුළ දැඩි කථාබහට ලක්වූ අතර ලේබර් පක්ෂ රජය බලයට පත්වීමත් සමග මීට සති කිහිපයකට පෙර මෙරට ස්ථිර පදිංචියද හිමිවුණා.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »

“මම ට්‍රම්ප්ගෙේ රූකඩයක් නෙවෙයි ” පීටර් ඩට්න් කියයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූකඩයක් බවට කම්කරු පක්ෂය ගෙන යන ප්‍රචාරය තමන් ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියානු විපක්ෂනායක පිටර් ඩටන් පවසනවා.                  

Read More »