ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයත් mask රෙගුලාසි ලිහිල් කරයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන සේවා තුළ මුහුණු ආවරණ භාවිත කිරීමේ රෙගුලාසිය අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කර තිබෙනවා.

මේ අනුව ප්‍රාන්ත 04 ක් විසින් දැනට එම තීරණය ගෙන අවසන්.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තය පළමුවෙන් එම තීරණය ගනු ලැබූ අතර අද සිට දකුණු ඔස්ටේ‍රලියා ප්‍රාන්තයද එම රෙගුලාසිය ඉවත් කරනු ලැබුවා.

හෙට සිට නිවු සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත තුළද පොදු ප්‍රවාහන සේවා තුළ මුහුණු ආවරණ භාවිත කිරීමේ රෙගුලාසිය මේ අනුව ඉවත් වනවා.

ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය අංශ දන්වා සිටින්නේ මෑතකදී කොවිඩ් ආසාධනය වී සුවය ලැබූවන් හා ආසාධිතයන් තවදුරටත් මුහුණු ආවරණ පැළඳිය යුතු බවයි.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »