දකුණු ඔස්ටේ්‍රලියා මුහුණු ආවරණ නීති අද සිට ලිහිල්

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ මුහුණු ආවරණ නීති අද සිට ලිහිල් කර තිබෙනවා.

මේ අනුව පොදු ප්‍රවාහනයේදී මුහුණු ආවරණ පැළඳීම අද සිට අනිවාර්ය වන්නේ නැහැ.

රියදුරන්ට සහ මගීන්ට ඔවුන් කැමැතිනම් තවදුරටත් මුව ආවරණ පැළඳිය හැකි බව දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති සඳහන් කලා.

ලබන සිකුරාදා සිට aged care මධ්‍යස්ථාන වෙත පැමිණෙන අමුත්තන්ගේ උපරිම සංඛ්‍යා සීමාවන් මෙන්ම ඔවුන්ගේ එන්නත්කරණ අවශ්‍යතාද ඉවත් කිරීමටයි දකුණු ඔස්ටේ්‍රලියාව තීරණය කර ඇත්තේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ද හෙට සිට මුහුණු ආවරණ රෙගුලාසි ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව සිඩ්නි ටැක්සි සේවා – මගී ප්‍රවාහන නෞකා ඇතුලූ ප්‍රවාහන සේවාවලද හෙට සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවනු ඇති.

කෙසේවෙතත් පොදු රෝහල් – සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ aged care මධ්‍යස්ථානවල තවදුරටත් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වනවා.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »