
වසර 02 කට පසු බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයටද මගී ප්‍රවාහන නෞකා පැමිණීමට සැළසුම් කර තිබෙනවා.
ඒ අනුව ලබන මාසයේ අග භාගය වනවිට Coral Princess නෞකාව Geraldton වරායට සේන්දු වීමට නියමිතයි.
ඉදිරි මාස 12 තුළදී තවත් නෞකා 14 ක් පමණ බටහිර ඔස්ටේරලියා ප්‍රාන්තයට ළගා වනු ඇති.

ජාත්‍යන්තර සංචාරකයන් නොමැතිවීම හමුවේ බටහිර ඔස්ටේ්‍රලියාවේ කර්මාන්ත රැසක් අඩාල වී තිබූ අතර මගී ප්‍රවාහන නෞකා යළි පැමිණීමත් සමග එම තත්වය වෙනස්වනු ඇති බව සඳහන්.
වසර 02 කට පසු වික්ටෝරියා ප්‍රාන්තයටද පසුගිය සතියේදී මගී ප්‍රවාහන නෞකා පැමිණීම ආරම්භ වුණා.
