ඔස්ටේ්‍රලියාවේ රැකියා දත්ත ආශ්‍රිතව පරස්පරයක් ?

ඔස්ටේ්‍රලියාවේ රැකියා දත්ත ආශ්‍රිතව කිසියම් පරස්පරයක් පවතින බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා.

පසුගිය ජූනි මාසයේදී රැකියා පුරප්පාඩු 480,500 ක් තිබී ඇති අතර රැකියාවක් නොමැතිව සිටි පුද්ගලයන් සංඛ්‍යාව සටහන්වී ඇත්තේ 473,600 ක් ලෙසයි.

එසේ තිබියදී අගෝස්තු මාසයේ විරැකියා අනුපාතය පෙර මාසයට සාපේක්ෂව සියයට 0.1 කින් ඉහළ ගොස් තිබුණා.

ඊට හේතුව වී ඇත්තේ රැකියාවක් නොකරන කාණ්ඩ කිහිපයක්ම විරැකියා අනුපාතය සකස් කිරීමේදී ඊට ඇතුළත් කිරීම බව සඳහන්.

විශ්‍රාමිකයන් – සිසුන් – පූර්ණකාලීන ආබාධිතයන් – බන්ධනාගාර ගතවූවන් යන සියල්ලන්ද රැකියා නොකරන ඝනයට ඇතුළත් වන බවයි ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය මේ පිළිබඳ නිකුත් කර ඇති පැහැදිලි කිරීමෙහි දැක්වෙන්නේ.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »