දිනේෂ් අගමැතිකමෙන් ඉවත් කරනවාද ? බැසිල්ගෙන් ජනපතිට පණිවුඩයක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ සූදානම් පවතින බවට පසුගිය දින කිහිපය තුළ වාර්තා පළවිය.

විපක්ෂ මන්ත්‍රීවරුන් ද මාධ්‍ය හමුවේ කියා සිටියේ අයවැයට පෙර අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ සූදානමක් ඇති බවත් ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගේද සහාය ඉල්ලා ඇති බවත්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් දන්වා ඇත්තේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එම ධුරයෙන් ඉවත් කිරීමේ කිසිම සූදානම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැති බවයි.

ජනාධිපතිවරයාවත් අග්‍රාමාත්‍යවරයාවත් හමුවී ඒ බව දැනුම් දෙන ලෙස බැසිල් රාජපක්ෂ අමාත්‍ය ප්‍රසන්න රණතුංග ට දැනුම් දී තිබේ.

ඒ අනුව ප්‍රසන්න රණතුංග එම තොරතුර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමුවී දැනුම් දී ඇති බවද වාර්තා වෙයි.

ගංජා වගාව සහ නිෂ්පාදනය ගැන ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයකින් පාඨමාලාවක්

ඔස්ට්‍රේලියාවේ ඖෂධීය ගංජා වගාව සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික වශයෙන් අධ්‍යාපන පාඨමාලාවක් බැලරට් විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කර තිබෙනවා.

Read More »

ආහාර සොයා කසල බඳුන් පීරන ඔස්ට්‍රේලියානුවෝ

ආහාර සොයා පුන්‍යායතන වෙත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් අතුරින් වැඩි පිරිසක් ආහාර සොයා ගැනීම සඳහා කසල බඳුන් වෙත ප්‍රවේශ වන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »

සිඩිනිවලින් සුඛෝපභෝගී නිවසක් මිලදී ගන්න අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ මෙතෙක් අලෙවි වූ මිල අධිකම නිවස සඳහා වන වාර්තාව බිඳ දැමීමට සිව්මහල් සුඛෝපභෝගී මන්දිරයක් අලෙවියට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More »

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »