මෙල්බන් Ringwood හි පිහිටා ඇති Maroondah රෝහල 02 වන එළිසබෙත් රැජිණගේ නමින් නම් කිරීමට වික්ටෝරියා පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.
එමෙන්ම එම රෝහලේ වැඩි දියුණු කිරීම් වෙනුවෙන් ඩොලර් බිලියනයක මුදලක් වෙන් කරන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.
ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් මෙම යෝජනා ක්‍රියාවට නංවන බවද ඔහු කියාසිටියා.
Maroondah රෝහලේ ඉදි කිරීම් 2025 දී ආරම්භ කර 2029 වසරේ සිට අධියරෙන් අධියර විවෘත කිරීමටයි නියමිතව ඇත්තේ.
එය මුලුමනින්ම විවෘත කිරීමෙන් පසු රෝගීන් 9000 කට නේවාසිකව ප්‍රතිකාර කල හැකියි.
මේ අතර වික්ටෝරියා විපක්ෂ නායක මැතිව් ගයි ඊයේ පැවසුවේ මැතිවරණයේදී ලිබරල් සන්ධානය ජයගතහොත් ඩොලර් මිලියන 400 ක් යොදා Maroondah රෝහල සංවර්ධනය කරන බවයි.