
ඔස්ටේ්‍රලියාව තුළ වයස අවුරුදු 05 ත් 11 ත් අතර දරුවන්ට බූස්ටර් මාත්‍රාවක් අවශ්‍ය නොවන බව ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ටේ්‍රලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම දන්වා තිබෙනවා.
කෙසේ වෙතත්, ඖෂධ හා චිකිත්සක අධිකාරිය මෙම වයස් කාණ්ඩය සඳහා බූස්ටර් මාත්‍රාවක් අවශ්‍යදැයි තවදුරටත් සමාලෝචනය කරනු ඇති.
අවුරුදු හයට අඩු ළමුන් සඳහා ෆයිසර් එන්නත භාවිතය ඔස්ටේ්‍රලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම තවමත් අනුමත කර නැහැ.

Moderna හි Spikevax එන්නත මෙම වයස් කාණ්ඩය සඳහා අනුමත කරන ලද එකම කොවිඩ් එන්නතයි.
මේ අතර ප්‍රාන්ත විසින් සතිපතා කොවිඩ් දත්ත සංඛ්‍යාලේඛන නිකුත් කිරීම ඊයේ සිට ආරම්භ කෙරුණා.

පසුගිය මාසයේ පැවති ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් පසු සැප්තැම්බර් 9 වන දින සිට ඔවුන්ගේ දෛනික කොවිඩ් යාවත්කාලීන කිරීම් නතර කිරීමට ඔවුන් තීරණය කර තිබුණා.