
දියේ ගිලීම් හේතුවෙන් ඔස්ටේ්‍රලියාවේදී සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාව වසර 25 කට පසු ඉහළම අගය සටහන් කර තිබෙනවා.
ගතවූ මාස 12 තුළදී දියේ ගිලීම් හමුවේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 339 ක්.
එය පසුගිය වසර හා සැසඳීමේදී සියයට 15 ක ඉහළයාමක් වන අතර මින් මරණ 39 ක් ජලගැලීම් හමුවේ වාර්තා වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාව තුළ දියේ ගිලීම් මරණ මෙතරම් ඉහළ අගයක් ගෙන ඇත්තේ 1996 වසරෙන් පසුවයි.
අදාළ මරණ 339 න් 141 ක් වෙරළ තීර ආශ්‍රිත සිදුවූ මරණ වනවා.

වයස් කාණ්ඩ සැළකීමේදී මරණවලින් සියයට 28 ක් වයස අවුරුදු 65 ට වැඩි අය වනවා.
එය පසුගිය වසර හා සැසඳීමේදී සියයට 34 ක ඉහළයාමක්.
වයස අවුරුදු 05 ත් 14 ත් අතර ළමුන් 15 දෙනෙකු ගතවූ මාස 12 දී දියේ ගිලී මියගොස් ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 07 ක ඉහළයාමක්.
මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර දියනෑමට යාම ඔස්ටේ්‍රලියාවේ දියේ ගිලීම් මරණවලින් බහුතරයකට හේතුව බවටයි හඳුනාගෙන ඇත්තේ.