මීලග පොළී අනුපාත වෙනස ගැන ඉගියක්

මීලග පොළී අනුපාත ඉහළ දැමීම සම්බන්ධයෙන් ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රධානී ෆිලිප් ලෝ අනාවැකි පළකර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් සිදුකල ප්‍රතිශත ඉහළයාම්වලට සාපේක්ෂව අඩු අගයකින් මීලග සංශෝධනය සිදුකරන බවයි ආර්ථික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු ස්ථාවර කමිටුවක් හමුවේ අදහස් දක්වමින් ඔහු කියාසිටියේ.

අඛණ්ඩව 05 වන වරටත් පොළී අනුපාත ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි මෙම පරීක්ෂණය පැවැත්වෙන්නේ.

ආර්ථිකය කඩා නොවැටී පවත්වාගෙන යාම සහ උද්ධමනය පාලනය සඳහා පොළී අනුපාත ඉහළ දැමීම අත්‍යවශ්‍ය බව ෆිලිප් ලෝ මෙහිදී සඳහන් කර තිබුණා.

දැනට ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය සියයට 6.1 ක් ලෙස පවතින අතර Cash rate ඉලක්කය පවතින්නේ සියයට 2.35 ක් ලෙසයි.

ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා. මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී

Read More »

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »