T20 World Cup බලන්න ටිකට් ගන්නේ මෙහෙමයි

ලබන ඔක්තෝබර් 16 වනදා සිට ඔස්ටේ්‍රලියාවේදී ආරම්භවන පන්දුවාර 20 ලෝක කුසලානයේ තරග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව පහත වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිළදී ගත හැකි වනවා.

https://tickets.t20worldcup.com/Content/wt20/matches.aspx#

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට තමන් අනුමැතිය ලබාදුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

අමාත්‍යවරයාගේ අනුමැතිය ලද සංචිතය නුදුරේදී ම ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එම සංචිතය ඔක්තෝබර් මාසයේ මුල් සතියේ පල්ලෙකැලේ පැවැත්වෙන පුහුණු කඳවුරකින් අනතුරුව තරගාවලිය සඳහා පිටත්ව යාමට නියමිතයි.

එළඹෙන ඔක්තෝබර් 16 වැනි දා ආරම්භ වන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සහ අයර්ලන්තය සමඟ පෙරහුරු තරග දෙකකට ද සහභාගි වීමට නියමිතයි

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ සිට පැමිණි සරණාගතයෙක් සිඩ්නි පිහි ඇනුමට ලක්වූවන් අතර

සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් පිහි ඇනුමෙන් මියගිය අය අතර ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගිය පකිස්ථාන සරණාගතයෙක් ද වන බව අනාවරණ වී තිබෙනවා.

Read More »