Search

නවසීලන්තයටත් වඩා ලංකාවට සල්ලි තියෙනවා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 40 ක පමණ සංචිතයක් ඇති බවත් එම සංචිතය නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ ඇති මුදල් සංචිතයටත් වඩා වැඩි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා පවසනවා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වුවා නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපරිම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් හිමි වනු ඇති බවයි ඔහු කියා සිටියේ.

ඊට අමතරව තරගාවලිය පැවති කාල සීමාව තුළ දී ශ්‍රී ලංකාවේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් එම මුදල තවත් අඩු වීමට ඉඩකඩ තිබු බවත් ශම්මි සිල්වා සඳහන් කලා.

එහෙත් ආසියානු ක්‍රිකට් කුසලානය ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිගට ගෙනයාම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශාල ලාභයක් හිමි වූ බවයි ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා කියාසිටියේ.

යම් කිසි කෙනෙකු මෙම තරගාවලිය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හෝ ශ්‍රී ලංකාවට යම් කිසි පාඩුවක් වූ බව පවසන්නේ නම් ඔවුන් සමග ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට තමන් සූදානම් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »