T20 ලෝක කුසලානයේදී මහේල ශ්‍රී ලංකා කණ්ඩායමට

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී උපදේශක පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේ බව පැවසීය.

ඒ අනුව ඔක්තෝබර් මස 02 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන අතර 06 වනදා මහේල ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතව ඇත.

එතැන් පටන් තරගාවලියේ අවසානය දක්වා මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ රැඳී සිටින බවද ඈෂ්ලි ද සිල්වා වැඩිදුරටත් පැවසීය.

මහේල ජයවර්ධන මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ශම්මි සිල්වා එසේ පැවසීය.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝබර් මස 16 වැනිදා ඕස්ටේ්‍රලියාවේදී ආරම්භ වීමට නියමිතය.

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »