ඡන්දෙ දිනුවොත් රැකියා රැසක් – වික්ටෝරියා අගමැතිගෙන් පොරොන්දුවක්

ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයේදී තමා යළි බලයට පත්වුවහොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව රැකියා රැසක් බිහි කරන බවට වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් සහතික වනවා.

ඒ සඳහා ඩොලර් මිලියන 20 ක මුදලක් වෙන් කෙරෙන බවයි අගමැතිවරයා සඳහන් කලේ.

රෝගීන් රෝහල්වලට ගෙන ඒමට පෙර නිවාස තුළදීම ප්‍රතිකාර කර රෝහල් තදබදය අවම කර ගැනීම මෙම කාර්ය මණ්ඩලය යොදවන බවත් ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලා.

බඳවා ගැනෙන සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් විධිමත් පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව අනුයුක්ත කෙරෙනු ඇති.

මේ අතර Wonthaggi රෝහලේ දෙවන අධියරේ ඉදි කිරීම් 2027 වසර වනවිට අවසන් කිරීම සඳහා ඩොලර් මිලියන 290 ක මුදලක් වෙන් කෙරෙන බවටද වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් මෙහිදී ප්‍රතිඥාවක් ලබාදුන්නා.

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »