නෙළුම් කුලුන අද සිට පිපෙයි

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස ඉදිකෙරුණු නෙළුම් කු‍ලුනේ මෙහෙයුම් කටයුතු අද (15) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

2012 වසරේදී ආරම්භ කළ නෙළුම් කුලුනේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ පෙබරවාරි මස 28 වන දින අවසන් කෙරුණු අතර ඒ සඳහා චීන සමාගම විසින් ලබාදුන් ණය මුදලේ ගෙවීම් කටයුතු 2024 වසරේදී අවසන් කිරීමට නියමිතය.

මේ වන විට දේශීය ආයෝජකයින් සහ විදේශීය ආයෝජකයින් නෙළුම් කුලුන ආයෝජනයට එක්ව ඇති අතර ආයෝජකයින් 22ක් ගිවිසුම්ගත වීමට කැමැත්ත පළ කර ඇති බව නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ පැවසුවේය.

මේ වසරේ දෙසැම්බර් 31 වන දින වන විට විවිධ උත්සව 15ක් සඳහා ඇණවුම් ලැබී ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

නෙළුම් කුලුන ජනතාව සඳහා විවෘත කිරීමත් සමග රුපියල් 500 ක් සහ රුපියල් 2,000 ක් ලෙස ප්‍රවේශ පත්‍ර මිලදී ගනිමින් ඊට පිවිසිය හැකි වේ.

එමෙන්ම විදේශිකයින් සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තුව අමෙරිකානු ඩොලර් 20 ක්.

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »