ලාංකිකයන් ලක්ෂ 10 ක් රට හැර යයි

ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ 10 කට අධික සංඛ්‍යාවක් පසුගිය මාස 20 තුළ විදේශගත වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නවතම තොරතුරු හෙළිකරනවා.

පසුගිය වසරේ ජනවාරි 01 වැනිදා සිට මෙම වසරේ අගෝස්තු මස 30 වැනිදා දක්වා කාලයේ පුද්ගලයන් 10 ලක්ෂ 13,992 ක් නව විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබෙනවා.

එම කාලය තුළ පුද්ගලයන් 10 ලක්ෂ 50,024 ක් විදේශගතව ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් 45 ලක්ෂයකට ආසන්න පිරිසක් විදේශ ගමන් බලපත්ලාභීන් බවද වාර්තා වනවා.

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ විදෙස්ගතවීම ඉහළ ගොස් ඇති බවටයි සැළකෙන්නේ.

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »