බැංකු කාඩ් වංචා නිසා ඔස්ටේ්‍රලියානුවන්ට ඩොලර් බිලියනයක් අහිමිවෙයි

බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් පසුගිය වසරේදී ඔස්ටේ්‍රලියානුවන් විසින් අහිමි කරගෙන ඇති මුදල ඩොලර් බිලියනය ඉක්මවා ඇති බවට තවතම අධ්‍යයනයක් හෙළි කර තිබෙනවා.

ඒ අනුව එක් අයෙකු විසින් වංචාවට ලක්ව ඇති මුදලේ සාමාන්‍යය ඩොලර් 299 ක් බවටයි තහවුරු වී ඇත්තේ.

පුද්ගලයන් 1058 දෙනෙකු යොදාගනිමින් සිදුකල සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඊට අනුව පසුගිය මාස 12 සැළකීමේදී ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් වංචාවකට අවම වශයෙන් එක් අවස්ථාවකදී හෝ හසුව ඇති පුද්ගලයන්ගේ ප්‍රතිශතය සටහන්වන්නේ සියයට 17 ක් ලෙසයි.

රටේ සමස්ත ජනගහණය සැළකීමේදී ලක්ෂ 34 කට ආසන්න පිරිසක් ඒ අනුව පසුගිය මාස 12 දී කුමන හෝ බැංකු කාඩ්පත් වංචාවකට ලක්ව ඇති බවටත් මෙහිදී හෙළිකරගෙන තිබෙනවා.

මින් බහුතරය 2000 වසරෙන් පසුව උපත ලැබූවන් වන අතර එහි ප්‍රතිශතය සියයට 27 ක්.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »