ඔස්ටේ්‍රලියාවට ඇවිත් කරන අමුතු දෙයක් ගැන වනිඳු කියයි

ආසියානු කුසලානය දිනාගැනීම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මනා පිටුවහලක් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පවසයි.

ආසියානු ශූරතා හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (13) උදෑසන දිවයිනට පැමිණි අතර, එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වනිඳු මේ බව කියා සිටියේය.

“ලෝක කුසලානයට සති දෙකකට කලින් ඔස්ට්‍රේලියාව බලා පිටත් වෙනවා. අපිට එහෙ කෑම්ප් එකක් තියෙනවා. ඒක ගොඩක් ලොකු දෙයක් වෙයි ඔස්ට්‍රේලියාවේ තනතීරුවලට හැඩ ගැහෙන්න සහ ඒවා භාවිත කරන්න. අපිට ගොඩක් ලොකු දෙයක් වෙයි ඔස්‍ට්‍රේලියා තනතීරුවල පන්දුවට පහරදෙන්න ඕනේ සහ පන්දුවට පහරදෙන්න ඕනේ කියන එක ගැන දැනගන්න. විශේෂයෙන්ම ලෝක කුසලානයට කලින් මේ වගේ ආසියානු තරගාවලියක් තිබුණ එක ටීම් එකක් විදියට අපිට ගොඩක් ලොකු දෙයක්. අපි තරගාවලිය ජයග්‍රහණය කරලා, ජයග්‍රාහී මානසිකත්වයෙන් ඔස්ට්‍රේලියාව බලා පිටත් වෙන්නේ. ඒක අපිට ගොඩක් ලොකු දෙයක්.”

“ක්‍රීඩාලෝලීන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මොකද ඇත්තටම ඩුබායිවල අපි තරග ක්‍රීඩා කරද්දි ඒ රටේ දී ඒ වගේ සහයෝගයක් ලැබුණා. ඒකට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම ලංකාවේ ඉඳන් තරගය නරඹපු හා ලංකාවේ ෂෝෂල් මීඩියාවලින් ලබාදුන්න සහයෝගය ඇත්තටම ගොඩක් වටිනවා. අපි පළමු තරගය ඇෆ්ගනිස්තානයට පරාජය වුණත් සමහර තැන්වලදි සමහරු දේවල් කිව්වා. නමුත් ක්‍රීඩාලෝලීන් වචනයකින්වත් අපිට මුකුත් කිව්වේ නෑ. එයාලා අපිව මාර විදියට දිරිමත් කළා තරගය ජයග්‍රහණය කරන්න. ක්‍රීඩාලෝලීන් අපිත් එක්ක හිටපු නිසා තමයි මේ තරගාවලිය මේ විදියට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ.”

ආසියානු ශූරතා හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

06 වන වරටත් ආසියානු ශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අද (13) අලුයම 12.50ට පමණ මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.

එහිදී දැල්පන්දු කණ්ඩායම පිළිගනු ලැබුවේ ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා විසිනි.

මේ අතර 06 වන වරටත් ආසියානු ශූරතාව හිමිකර ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම 05ට පමණ දිවයිනට පැමිණියේය.

දිවයිනට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රථ පෙළපාලියකින් කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ වෙත කැඳවාගෙන ඒමට නියමිතව තිබේ.

එම රථ පෙළපාලිය කටුනායක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත සහ දැල්පන්දු සම්මේලන මූලස්ථානය වෙත පැමිණීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »