
03 වන චාල්ස් රජුගේ රුව ඇතුළත් කාසි ලබන වසරේ සිට ඔස්ටේ්‍රලියානුවන්ට භාවිත කිරීමට අවස්ථාව උදාවන ළකුණු පළවී තිබෙනවා.
නියෝජ්‍ය භාණ්ඩාගාරික අමාත්‍ය ඇන්ඩෲ ලේ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කලේ දැනට භාවිතයේ ඇති රැජිණගේ රුව ඇතුළත් කාසි තවදුරටත් වලංගු වන බවයි.
1966 වසරේ සිට එලෙස නිකුත් කර ඇති රැජිණගේ රුව ඇතුළත් කාසි සංඛ්‍යාව බිලියන 50 ක් පමණ වනවා.

කෙසේවෙතත් එළිසබෙත් රැජිණ සිටින කාසි සහ චාර්ල්ස් රජු සිටින කාසිවල ප්‍රධාන වෙනසක් දැකගැනීමට ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාව පවතිනවා.
එනම් රැජිණගේ මුහුණ දකුණු දිශාවට යොමුවී තිබුණද චාර්ල්ස් රජුගේ මුහුණ මුද්‍රණය වනුයේ වම් පස බලාසිටින ආකාරයෙනුයි.

එය සම්ප්‍රදායානුකූලව සිදුවන්නක් බවයි නියෝජ්‍ය භාණ්ඩාගාරික අමාත්‍ය ඇන්ඩෲ ලේ කියාසිටියේ.
රාජ්‍ය නායකයා මාරුවනවිට ඔවුන්ගේ රුව සහිත දිශාවද වෙනස් කිරීම එම නියමය බව නියෝජ්‍ය භාණ්ඩාගාරික අමාත්‍යවරයා කියාසිටියා.