
ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේදය මර්දනය සඳහාම විශේෂයෙන් නිපදවන ලද එන්නතකට ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ විසින් අනුමැතිය දී තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පැවසුවේ වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා බූස්ටර් මාත්‍රාවක් ලෙස ලබාදීමට මෙම මොඩර්නා එන්නත නිපදවා ඇති බවයි.
විසින් එය භාවිතයට සුදුසු බවට ලබාදී ඇති නිර්දේශය ෆෙඩරල් රජය විසින් පිළිගනු ලැබු බවද ඔහු සඳහන් කලා.

සාමාන්‍ය කොවිඩ් ප්‍රභේදය සඳහාද මෙම එන්නත යොදා ගත හැකි අතර ඒ අනුව කොවිඩ් ප්‍රභේද 02 ක් සඳහා භාවිත කල හැකි එන්නතකට ඔස්ටේ්‍රලියාව තුළදී අනුමැතිය හිමිවූ පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්.
කෙසේවෙතත් මෙම එන්නත දැනටමත් කැනඩාව සහ මහා බ්‍රිතාන්‍යය තුළ භාවිතයට ගෙන තිබෙනවා.
