Search

රාජකීය අවමඟුලදා පෞද්ගලික ගුවන් යානාවලට දොර වැසේ

බ්‍රිතාන්‍යයේ 2 වන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය ලබන 19 වනදා ලන්ඩනයේ වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා ලෝක නායකයින් රැසක් සහභාගීවීමට නියමිතව තිබෙනවා.

රාජකීය අවමංගල්‍ය උත්සවය සදහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ බිරිද වන ජිල් බයිඩන් සහභාගී වන බව මේ වන විටත් තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

ලෝක නායකයින් රැසක් රාජකීය අවමංගල්‍ය උත්සවය සදහා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන නමුත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සහභාගීත්වය තවමත් පවතින්නේ අවිනිශ්චිත තත්වයකයි.

යුක්රේන අර්බුදය පදනම් කර ගනිමින් රුසියාව සහ බ්‍රිතාන්‍යය අතර ඉකුත් දිනවල මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබීම ඊට හේතුව බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

මේ අතර රාජකීය අවමංගල්‍ය පැවැත්වෙන ලබන 19 වනදා ලන්ඩන් අගනුවර ප්‍රධානව එංගලන්තයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නියමිත රාජ්‍ය නායකයින් වෙනුවෙන් ද බ්‍රිතාන්‍යය රජය උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැයි බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී වන රාජ්‍ය නායකයින්ගෙන් ඉල්ලා ඇත්තේ ලන්ඩනයට පැමිණීම සදහා වාණිජ ගුවන්යානා මිස පෞද්ගලික ගුවන් යානා භාවිතා නොකරන ලෙසයි.

එමෙන්ම මහා බ්‍රිතාන්‍යය තුළ සංචාරය කිරීමේදි හෙලිකොප්ටර් යානා භාවිත කිරීමට ද රාජ්‍ය නායකයින්ට අවසර හිමිවන්නේ නැහැ.

එමෙන්ම රාජකීය අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානය තුළ ඉඩකඩ සීමිත බැවින් එක් එක් රටවල් නියෝජනය කරමින් අදාළ රටේ රාජ්‍ය නායකයාට පමණක් රාජකීය අවමංගල්‍ය උත්සවය සදහා සහභාගී වීමට අවස්ථාව හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »