දමිතා දඩයම් කිරීම වහා නවත්වන්න

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ගාලු මුවදොර අරගල ක්‍රියාකාරී රංගන ශිල්පිනි දමිතා අබේරත්න ගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (12) උදෑසන මැගසින් බන්ධනාගාරය වෙත ගොස් තිබේ.

බන්ධනාගාරයෙන් පිටත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ, පොදු ජන අරගලයට නායකත්වය දුන් දමිතා අබේරත්න වැනි පුද්ගලයින් වත්මන් රජය විසින් දඩයම් කිරීම දැඩි ලෙස හෙළා දකින බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ජනතාව දඩයම් කිරීමට බෑ. අද තරුණයින්ව දඩයම් කරනවා. අරගලයේ නායකයින්ව දඩයම් කරනවා. සිවිල් ප්‍රජාව දඩයම් කරනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුනොවිය යුතු දෙයක්.

විශේෂයෙන්ම දමිතා අබේරත්න මැතිනියගේ ඉක්මන් නිදහස සාක්ෂාත් කරන්න කියලා ජනාධිපති ප්‍රමුඛ රජයට අපි බලකර සිටිනවා. අපි ඉල්ලීමක් කරනවා කරුණාකරලා, මේ දඩයම නතර කරන්න. කරුණා කරලා මේ රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් උදුරාගන්නවා වෙනුවට රජයෙන් ඉල්ලීමක් කරනවා ඒවා ආරක්ෂා කරන්න කියලා.

ඒ නිසා විශේෂයෙන් මේ අවස්ථාවේ දමිතා අබේරත්න මැතිනිය සමග අපි එකට හිටගන්නවා. ඇයගේ නිදහස වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ඒ නිදහස සාක්ෂාත් කිරීමට ජනාධිපති ප්‍රමුඛ රජයට වහා කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරනවා.”

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »