සැප්තැම්බර් 22 නිවාඩුවට පිරිසක් අකමැතිලු

02 වන එළිසබෙත් රැජිණගේ අභාවය හමුවේ ෆෙඩරල් රජය විසින් හදිසියේම සිදුකල ලබන 22 වනදා ප්‍රසිද්ධ නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ගැටලු සහගත බව ඔස්ටේ්‍රලියාවේ සිල්ලර වෙළඳ ව්‍යාපාරික සම්මෙලනය පවසනවා.

වෙළඳසැල් විවෘත කර තබන වේලාවන් සහ සේවකයන්ට නිවාඩු ලබාදීම් සම්බන්ධයෙන් මෙතෙක් නිසි පැහැදිලි කිරීමක් ලැබී නොමැති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එබැවින් ෆෙඩරල් රජය හෝ ප්‍රාන්ත රජයන් විසින් අදාළ නිවාඩු දිනයේ වෙළඳසැල් විවෘත කිරීම හෝ නොකිරීම ගැන නිල නිවේදනයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවයද සිල්ලර වෙළඳ ව්‍යාපාරික සම්මෙලනය අවධාරණය කරනවා.

මේ අතර නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කිරීමට තමන් ගනු ලැබූ තීරණය කරුණු අධ්‍යයනය කර සියලු ප්‍රාන්ත අගමැතිවරුන් සමග සාකච්ඡා කර ගත් තීරණයක් බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

ඔස්ටේ්‍රලියාවේ රාජ්‍ය නායකයාගේ මරණය සහ නව රාජ්‍ය නායකයෙකු පත්වීම යන කරුණු සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි අගමැතිවරයා සඳහන් කලේ.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »