Search

රැජිණ ගැන ශෝක යෝජනාවක් ලබන 23 ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුවට

02 වන එළිසබෙත් රැජිණගේ අභාවය වෙනුවෙන් කල් දමන ලද ඔස්ටේ්‍රලියා පාර්ලිමේන්තුව ලබන 23 වනදා නැවත රැස්වීමට තීරණය කර තිබෙනවා.

රැජිණ වෙනුවෙන් ශෝකය පළ කිරීමේ යෝජනාවක් එදිනට ඉදිරිපත් කෙරෙන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් සඳහන් කලේ.

අනතුරුව කැන්බරා හි පාර්ලිමේන්තුව නැවතත් රැස්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 26 වනදායි.

මේ අතර 03 වන චාර්ල්ස් රජු ඔස්ටේ්‍රලියාවේ රාජ්‍ය නායකයා ලෙස පිළිගැනීම ප්‍රාන්ත රැසක් විසින් ඊයේ දිනයේදී සිදුකරනු ලැබුවා.

වික්ටෝරියා ආණ්ඩුකාර ජනරාල්වරයා සහ ප්‍රාන්ත අගමැතිවරයා සහභාගී වූ උත්සවයකදී වික්ටෝරියා ප්‍රාන්තයද අද එම පිළිගැනීම සිදුකරනු ලැබුවා.

මෙල්බන් සිඩ්නි නිවාස මිලට සිදුවන දේ!

වසරේ දෙවන පොලී අනුපාත කප්පාදුවෙන් පසු නිවාස හිමියන්ට සහනයක් ලැබුනද අනාගත ගැණුම්කරුවන්ට නිවාස මිල ඉහළ යාමේ අර්බුදයක් පවතින බව විශ්ලේෂකයින් පවසනවා.

Read More »