02 වන එළිසබෙත් රැජිණගේ අභාවය හේතුවෙන් වෙනස්වන තවත් කරුණු කිහිපයක් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත්වී තිබෙනවා.
ලොව සුප්‍රකට විස්කි සමාගමක් වන ස්කොට්ලන්තයේ Johnnie Walker විසින් නව රජු වන 03 වන චාර්ල්ස් රජුගෙන් නව රාජකීය බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කල යුතු බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මේ අනුව ඔවුන්ට තවදුරටත් නිෂ්පාදන කටයුතු සිදුකරගෙන යාම සඳහා අවශ්‍ය බලපත්‍රය ලබාදීම හෝ නොදීම 03 වන චාර්ල්ස් රජු විසින් තීරණය කල යුතු වනවා.
Moët & Chandon ෂැම්පේන් සඳහාද එම නියමයම බලාත්මක වනු ඇති.
එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙකුම නව රජු වෙනුවෙන් දිවුරුම්දීමෙන් පසු පමණක් මීලග පාර්ලිමේන්තු සැසිය ආරම්භ විය යුතුයි.
ඔස්ටේ්‍රලියාවේ මෙම නීතිය බලපැවැත්වෙන එකම ප්‍රාන්තය වික්ටෝරියායි.