මැරෙන තුරු ඔටුන්න අත් නොහරින බව චාර්ල්ස් රජු කියයි

තමාගේ මරණය සිදුවන තුරුම බ්‍රිතාන්‍යයේ ඔටුන්න දරා සිටීම තම අපේක්ෂාව බව මහා බ්‍රිතාන්‍යයේ 03 වන චාර්ල්ස් රජු පවසනවා.

02 වන එළිසබෙත් රැජිණගේ අභාවයෙන් පසු පළමුවරට මාධ්‍ය ඔස්සේ ලෝකවාසීන් අමතමිනුයි ඔහු මේ බව කියාසිටියේ.

මීලගට ඔටුන්න හිමි විලියම් කුමරුන් ට වේල්සයේ කුමාරයා යන තනතුර පිරිනමන බවත් තුන්වෙනි චාර්ල්ස් රජු මෙහිදී නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.

මේ අතර ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගයේදී තුන්වෙනි චාර්ල්ස් රජු අද කිරුළු පැළඳීමට නියමියි.

එම උත්සවය සඳහා 700 ක් පමණ පිරිසකට සහභාගී වීමට අවස්ථාව ලැබෙනු ඇති බව බ්‍රිතාන්‍ය වාර්තාවල සඳහන්.

එහිදී කැන්ටබරි අගරදගුරුතුමා විසින් සෙංකෝලය චාර්ල්ස් කුමරුට පිරිනැමීමෙන් අනතුරුව රන් ඔටුන්න චාර්ල්ස් කුමරුගේ හිස මත පළඳවමින් නිල වශයෙන් තුන්වෙනි චාර්ල්ස් රජු ලෙස කිරුළු පැළඳවීම සිදු කෙරෙනු ඇති.

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »