Temporary Skilled වීසා ලාභීන්ගේ වාර්ෂික ආදායම $ 91,000 දක්වා ඉහළට ?

ඔස්ටේ්‍රලියාව තුළ තාවකාලික වීසා මත සිටින පුහුණු ශ්‍රමිකයන්ගේ වාර්ෂික ආදායම් සීමාව ඩොලර් 91,000 දක්වා ඉහළ නැංවිය යුතු බවට ඔස්ටේ්‍රලියානු වෘත්තීය සමිති කවුන්සිලය යෝජනා කරනවා.

2013 සිට එම අගය පවතින්නේ ඩොලර් 53,900 ක උපරිම සීමාවේ වන අතර එම සීමාව තවත් ඩොලර් 37,000 කින් ඉහළ දැමිය යුතු බවටයි පසුගිය සතියේ පැවති රැකියා සහ නිපුණතා සමුලුවේදී යෝජනා වී ඇත්තේ.

රට තුළ දැනට පවතින පුහුණු ශ්‍රමික හිගය සැළකිල්ලට ගෙන මෙම ඉල්ලීම සිදු කරන බව ඔස්ටේ්‍රලියානු වෘත්තීය සමිති කවුන්සිලය සඳහන් කර තිබුණා.

ස්වාධීන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයක් වන Grattan ආයතනය මේ අතර නිර්දේශ කර තිබුණේ තාවකාලික නිපුණතා සංක්‍රමණිකයන් සඳහා වන වාර්ෂික අවම ආදායම් සීමාව ඩොලර් 70,000 ක් දක්වා වැඩි කල යුතු බවටයි.

ස්ථිර නිපුණතා සංක්‍රමණ වැඩසටහන යටතේ පැමිණෙන පුහුණු ශ්‍රමිකයන් සඳහා ඩොලර් 85,000 ක අවම ආදායම් සීමාවක් තිබිය යුතු බවටත් Grattan ආයතනය යෝජනා කරනවා.

මෙම සියලු කරුණු සැළකිල්ලට ගනිමින් ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පවසා තිබුණේ තාවකාලික වීසා මත සිටින පුහුණු ශ්‍රමිකයන්ගේ වාර්ෂික ආදායම් සීමාව පිළිබඳ තීරණයක් ගැනීමට කාලය එළැඹ ඇති බවයි.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »