අඛණ්ඩව 03 වන කාර්තුවටත් ඔස්ටේ්‍රලියා ආර්ථිකය ඉහළට

ECONOMY

ජූනි මාසයෙන් අවසන්වූ වසරේ 02 වන කාර්තුවේදී ඔස්ටේ්‍රලියාවේ ආර්ථික වර්ධන වේගය සියයට 0.9 ක් ලෙස සටහන්වී තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල නවතම දත්ත වාර්තා අනුව දැක්වෙන්නේ ජූනි 30 වනදායින් අවසන්වූ මාස 12 ක කාලය තුළ මෙරට ආර්ථික වර්ධනය සියයට 3.6 ක් ලෙස සටහන්වී ඇති බවයි.

අඛණ්ඩව ආර්ථිකය වර්ධනය වූ 03 වන කාර්තුව මෙය වන අතර කොවිඩ් සමයේදී ඇද වැටුණු ඔස්ටේ්‍රලියා ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් වන ආකාරයක් එමගින් නිරූපණය වන බවත් එහි සඳහන්.

අවසන් කාර්තුවේ ඔස්ටේ්‍රලියා ආර්ථිකය ඉහළයාමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ගෘහාශ්‍රිත වියදම් කැපී පෙනෙන ලෙස ඉහළයාමයි.

ඊට අමතරව ප්‍රවාහන – සංචාර – හෝටල් සහ අවන්හල් සඳහා පුද්ගල වැය කිරීම් ඉහළයාමද ප්‍රබල පිටිවහලක් වී ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කලේ.

කෙසේවෙතත් කොවිඩ් සමයේ සිදුකල වියදම් හා සැසඳීමේදී ඔස්ටේ‍රලියානුවන් තවමත් සිදුකරනු ලබන්නේ 2/3 ක වියදම් ප්‍රමාණයක් බවද අද නිකුත්කල දත්තවල දැක්වෙනවා.

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »