පැතුම්-කුසල් සහ දසුන්-භානුකගේ පිතිහරඹය ශ්‍රී ලංකාවට ජය ගෙන එයි

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයේ පැවති තරගයෙන් ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වුවා.

ඒ අනුව සුපිරි සිව්දෙනාගේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව පෙරමුණ ගනු ලැබුවා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව ලබාදුන් ලකුණු 173ක රැස් කරනු ලැබුවා. ඉන්දියාව වෙනුවෙන් නායක රෝහිත් ෂර්මා 72ක් සහ සුර්ය කුමාර් යාදෙව් ලකුණු 34ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී නවක වේග පන්දු ක්‍රීඩක දිල්ශාන් මධුශංක ලකුණු 24කට ඉන්දීය පිලේ කඩුළු 03ක් දවා ගනු ලැබුවා. සුපිරි ඉන්දීය පිතිකරු විරාට් කෝලි ලකුණු නොලබාම යලි ක්‍රීඩාගාරයට හරවා යැවීමට දිල්ශාන් මධුශංක සමත් වීමද තරගයේ එක් විශේෂ අවස්ථාවක් වුවා.

ලකුණු 174ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු යුගලය පන්දු වාර 11.1 ක් තුලදී ලකුණු 97ක් රැස් කර ගනු ලැබුවා. එය මෙතෙක් විස්සයි 20 තරගයකදී ඉන්දියාවට එරෙහිව ඕනෑම කණ්ඩායමක් පළමු කඩුල්ල සඳහා තැබූ ඉහලම සම්බන්ධතාවය ලෙසයි වාර්තා පොත් අතරට එක්වුයේ.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක ලකුණු 52කට දැවී ගියේ යුස්වෙන්දර් චාහල් ගේ පන්දුවක් හමුවෙයි. එම පන්දු ඕවරයේදීම චරිත් අසලංක ලකුණු නොලබා දැවී ගියේ ශ්‍රී ලංකා පිලට යම් පිඩනයක් ගෙන දෙමින්.

ඉන් පසුව පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක එක් ලකුණකට ද, ලකුණු 57ක් ලබා සිටි කුසල් මෙන්ඩිස් දැවී ගියේ පන්දු ඕවර 14.1කදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 110ක් ව තිබියදී.

ඒ අනුව ශ්‍රී ලංකා පිලට තරගයේ ජය ලැබීමට පන්දු 35ක් තුලදී ලකුණු 64ක් ලබා ගත යුතුව තිබුණා.

සටන්කාමි පිතිකරණයක නිරත වූ නායක දසුන් ශානක (33*) සහ භානුක රාජපක්ෂ (25*) පන්දු 34ක් තුලදී ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේ තරගය අවසන් වීමට තවත් එක් පන්දුවක් ඉතිරිව තිබියදීය.

ඒ අනුව ශ‍්‍රී ලංකාව තරගාවලියේ අවසන් තරගය සදහා පිවිසීමේ වැඩිම ඉඩක් ඇති අතර ඉන්දියාව අවසන් තරගයෙන් විසිවීමේ වැඩිම අවදානමක් මතුව තිබෙනවා.

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »

සිසුන්ගේ හැසීරිම නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Warragamba වේල්ල ගැන සිඩ්නි අවට ජනතාවට අනතුරු ඇඟවීමක්

පවතින වැසි සහිත කාලගුණික තත්වය හමුවේ සිඩ්නි හි වොරගම්බා වේල්ල සම්පූර්ණ ධාරිතාවට ආසන්නව පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ ඕනෑම වේලාවක පිටාර යාමේ හැකියාව පවතින බව නිව් සවුත්වේල්ස් ජල කළමනාකරණ බලධාරීන් අනතුරු අඟවනවා.

Read More »

මෙල්බන් පදිංචිකරුවෙක් පයට දාන පාවහන් වෙනස් ජාවාරමකට යොදාගත් හැටි

පාවහන් තුළ සඟවා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් රැගෙන ආ පුද්ගලයෙකු ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ දේශසීමා බලකාය විසින් මෙල්බන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »