කැසන්ඩ්‍රා කඳුලු සලමින් පාර්ලිමේන්තුවේදී සංවේදී වෙයි

මෙල්බන් හෝල්ට් ආසනය නියෝජනය කරමින් ලේබර් පක්ෂයෙන් තේරී පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු අද කැන්බරා පාර්ලිමේන්තුවේදී සිය පළමු කථාව සිදුකරනු ලැබුවා.

එහිදී අවස්ථා ගණනාවකදී ඇය සංවේදීව අදහස් පළ කිරීම විශේෂත්වයක්.

ඊට හේතුව වූයේ ශ්‍රී ලංකාවේ සිට ඔස්ටේ‍රලියාවට සංක්‍රමණය වීම දක්වා තමන් සහ පවුලේ සාමාජිකයන් අත්විඳි දුක් ගැහැට පිළිබඳ ඇය සංවේදීව කරුණු දැක්වීමයි.

ශ්‍රී ලංකාවේ දෙහිවල ප්‍රදේශයේ වාසය කල සිය දෙමව්පියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් අත් විඳ අත්දැකීම්ද ඇය මෙහිදී පැහැදිලි කලා.

ඔස්ටේ්‍රලියාව යනු සියල්ලන්ට එක හා සමානව සළකන රටක් බැවින් මෙරටට සංක්‍රමණය වූ පසු උසස් ජීවන රටාවක් අත්විඳීමට අවස්ථාව ලැබුණු බවයි කැසන්ඩ්‍රා ප්‍රනාන්දු සඳහන් කලේ.

කුමන භාෂාවක් කථා කලද කුමන ජාතියකට අයත් වුවද මෙරටදී සියල්ලන්ට සම අවස්ථා උදාවන බවත් ඇය පෙන්වා දුන්නා.

තමා නියෝජනය කරන හෝල්ට් ආසනයේ සියයට 40 ක් ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් කථා කරන්නන් බවත් කැසන්ඩ්‍රා මෙහිදී සඳහන් කලා.

හෝල්ට් යනු ජෛව විවිධත්වය අතින් ඉහළම ප්‍රදේශයක් බවයි ඇය මෙහිදී පෙන්වා දුන්නේ.

වත්මන් ලේබර් රජය සියලු ජන කොට්ඨාශවලට සම අයිතිවාසිකම් හිමිවන වැඩපිළිවෙලක නිරත වී සිටින බවත් ඇය අවධාරණය කලා.

FULL VIDEO : https://parlview.aph.gov.au/mediaPlayer.php?videoID=588997&operation_mode=parlview

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »

සිසුන්ගේ හැසීරිම නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Warragamba වේල්ල ගැන සිඩ්නි අවට ජනතාවට අනතුරු ඇඟවීමක්

පවතින වැසි සහිත කාලගුණික තත්වය හමුවේ සිඩ්නි හි වොරගම්බා වේල්ල සම්පූර්ණ ධාරිතාවට ආසන්නව පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ ඕනෑම වේලාවක පිටාර යාමේ හැකියාව පවතින බව නිව් සවුත්වේල්ස් ජල කළමනාකරණ බලධාරීන් අනතුරු අඟවනවා.

Read More »

මෙල්බන් පදිංචිකරුවෙක් පයට දාන පාවහන් වෙනස් ජාවාරමකට යොදාගත් හැටි

පාවහන් තුළ සඟවා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් රැගෙන ආ පුද්ගලයෙකු ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ දේශසීමා බලකාය විසින් මෙල්බන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »