මෙල්බන් ටැක්සි ගාස්තු ඉහළට – පෙට්‍රල් මිළත් වැඩිවන ළකුණු

ප්‍රධාන කරුණු 02 ක් හේතුවෙන් ඔස්ටේ්‍රලියාව තුළ පෙට්‍රල් මිළ ගණන් ඉදිරි සති කිහිපය තුළ සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවධානමක් මතුවී තිබෙනවා.

පැවති ස්කොට් මොරිසන් රජය විසින් පසුගිය මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කල ඉන්ධන බදු සහනය ඔක්තෝබර් පළමුවනදා අවසන්වීමත් එය නැවත දිගු නොකරන බවට වත්මන් ලේබර් රජය විසින් දැනටමත් ප්‍රකාශ කර තිබීමත් පළමු සාධකයයි.

දෙවන කරුණ වන්නේ ඔපෙක් හෙවත් ඉන්ධන නිෂ්පාදන රටවල් විසින් දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් 100,000 කින් අඩු කිරීමට ඊයේ දිනයේදී තීරණය කර තිබීම හමුවේ වෙළඳපොලේ ඉන්ධන සැපයුම් අඩුවීමයි.

මේ අතර ඉහළ යන ඉන්ධන මිළට සමගාමීව වික්ටෝරියා ප්‍රාන්තයේ ටැක්සි රථ ගාස්තුද ලබන 15 වනදා සිට වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කලින් වෙන් නොකල කුලී ගමනක් සඳහා අය කෙරෙන ගාස්තු සියයට 11.2 කින් ඉහළ දැමීමටයි අත්‍යවශ්‍ය සේවා කොමිසම අද අවසර දී ඇත්තේ.

මෙල්බන් CBD හි පළමු කිලෝමීටර් 03 සඳහා වන ගාස්තුව ඩොලර් 1.50 කින් වැඩි වන අතර CBD සිට මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා ගමන් කිරීමේදී ඉහළ යන ගාස්තුව ඩොලර් 5.60 ක්.

2014 වසරෙන් පසු මෙල්බන් නගරයේ ටැක්සි ගාස්තු වැඩිම ප්‍රතිශතයකින් ඉහළ දැමු පළමු අවස්ථාව මෙයයි.

කෙසේවෙතත් ජංගම දුරකථන ඇප්ලිකේෂන ආශ්‍රිත ටැක්සි සේවා හෝ අන්තර්ජාලය ඔස්සේ කලින් වෙන් කරවා ගන්නා ලද ටැක්සි සේවා සඳහා මෙම ගාස්තු වැඩි කිරීම අදාළ වන්නේ නැහැ.

සිසුවියන්ට අසභ්‍ය වචන භාවිත කිරීමේ සිදුවීමක් මෙල්බන්හි තවත් පාසලකින් වාර්තා වෙයි

මෙල්බර්න් හි පාසැලක කාන්තා වැසිකිළියක් තුළ සිසුවියන් ඉලක්ක කර ගනිමින් අසභ්‍ය වචන යොදා සටහන් තැබූ සිද්ධියක් යළිත් වාර්තා වනවා.

Read More »

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »

අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.

Read More »